කස්ටඩ් පව්ඩර් කඩෙන් මිලදී නොගෙන අමුද්‍රව්‍ය 4 නැවුම් කස්ටඩ් පුඩිං | Homemade Fresh Custard Pudding

කස්ටඩ් පව්ඩර් කඩෙන් මිලදී නොගෙන අමුද්‍රව්‍ය 4න් නැවුම් කස්ටඩ් පුඩිං | Homemade Fresh Custard Pudding

මේ ලොක්ඩවුන් කාලේ රස කස්ට්ඩ් පුඩිමක් කන්න හිතුනොත්, ගෙදර කස්ටඩ් පව්ඩර් නැත්නම් මොකද කරන්නේ? බිත්තර 4යි කෝන් ස්ටාච් ටිකකුයි තිබ්බනම් ඒ ඇති. කොන් ස්ටාච් නැත්නම් ඒත් කමක් නෑ කෝන් පිටි තියනවනම් .ස්ටාච් හැඳි 02 ට පිටි හැඳි 04ක් දැම්මම හරි. කොන් ස්ටාච් ඇලජි අය ඉන්නවනම් ඇරෝරුට් ස්ටාච් හරි ටැපියෝකා ස්ටාච් නැත්නම් පිටි ගන්න. අපි දන්නවා ඕනෑම කඩෙන් මිලදී ගන්න නැවුම් නොවන කල්තබා ගත හැකි අමුද්‍රව්‍ය වල රසායනික ද්‍රව්‍ය අඩංගු වන බව. ඉතිං මේ හේතුවත් එක්ක ලෝකේ ගොඩක් රටවල් පිරිසිදු අහාර කාබනික ආහාර වලට නැවත ඇළුම් කරමින් පවතින කාලයක්. පහසුවෙන් පිරිසිදුව රසට ගෙදර හදාගන්න පුළුවන්කම තිබියදී මොකටද කඩෙන් වස විස අරගෙන පසුව පසුතැවෙන්නේ. ඉතිං කඩෙන් මිලදී නොගෙන ගෙදරදීම හදන නැවුම් කස්ටඩ් පුඩිමක් ඔයාලත් හදලා රස බලන්න. කව්ද හිතුවේ කස්ටඩ් පව්ඩර් නැතුව කස්ටඩ් පුඩිම හදන්න පුළුවන් කියලා.

අවශ්‍ය දෑ –

බිත්තර කහමද 04

නැවුම් කිරි 750ml

කෝන් ස්ටාච්(ඉරිඟු පිටි) මේස හැඳි 02

සීනි කෝප්ප 1/4 (රස පදමට)

වැනිලා තේ හැඳි 01 (අවශ්‍ය නම්)

කජු සහා වියළි මිදි ස්වල්පයක් (අවශ්‍ය නම්)

විශේෂ

කොන් ස්ටාච් (ඉරිඟු පිටි) වෙනුවට හුළංකීරිය පිටි හෝ මංඤොක්කා පිටි (Arrowroot starch or Tapioca starch) යොදාගත හැකියි.

සාස්පානක් ලිප තබා එයට කිරි 750ml වත්කරන්න. නොන්ස්ටික් සාස්පානක් නම් වඩා සුදුසුයි. සීනි කෝප්ප 1/4 එකතු කරගන්න. එය ටිකක් දියවනතුරු හැඳිගාන්න. බිත්තර කහ මද 04 ට කෝන් ස්ටාච් මේස හැඳි 03 එකතු කර පේස්ට් එකක් නැත්නම් තලපයක් ආකාරයට එනතුරු හොඳින් මිශ්‍ර කරගන්න. එයටම වැනිලා තේ හැඳි 01 සහා ලුනු පිංචක් අවශ්‍ය නම් එකතු කරගෙන හොඳින් මිශ්‍ර කරගන්න. මේ වගේ මෙලෙක් පේස්ට් එකක් වනතුරු මිශ්‍ර කරන්න. ඒ අතරතුර කිරි ටික රත්වී ඇත්දැයි වරින් වර පරික්ෂා කර බලන්න. පිරිසිදු ඇඟිල්ලක් මේ වගේ කිරි එකට ඔබා බලන්නත් පුළුවන්. නැත්නම් කිරි ටිකක් පිට අල්ලට දමා බලන්න. පිච්චෙන්න තරම් රත්වී ඇත්නම් ගින්දර නිමා චුට්ටක් නිවාගන්න. කිරි සහ කහමද මිශ්‍ර කරගන්නා මෙවැනි භාජනයකම කහමද පේස්ට් එක පිළියෙළ කරගන්නේ නම් මේ පියවර අවශ්‍ය නැත. කිරි උණුසුම්. ලිපේ ගින්දර නිවන්න. කහමද පේස්ට් එක තියන භාජනයට කිරි ටික ටික වත්කරමින්, වේගයෙන් මිශ්‍ර කරගන්න. කිරි වල උණුසුම් පදම මේ පියවරේදී හරිම වැදගත්. කිරි රත්වී වැඩිනම් කහමද එමගින් පිසීම නිසා මිශ්‍රණය කැටි ගැහෙන්න පුළුවන්. ඒ නිසා ලිප නිවීමට පෙර පිරිසිදු ඇඟිල්ලක් කිරි එකට ඔබා බලන්නත් පුළුවන්. නැත්නම් කිරි ටිකක් පිට අල්ලට දමා බලන්න. පිච්චෙන්න තරම් රත්වී ඇත්නම් ලිපේ ගින්දර නිමා චුට්ටක් නිවාගන්න. කිරි මිශ්‍රණය කිරි රත් කරපු භාජනයට නැවත වත්කර ලිපේ ගින්දර මධ්‍යම ප්‍රමාණයට වඩා ටිකක් අඩුවෙන් දල්වාගෙන හැඳිගාන්න. මෙවැනි පැතලි හැන්දක් නැත්නම් ස්පැටියුලා එකක් අදාරයෙන් භාජනය වටේ නිතරම සුරා එක්කරමින් නියම පදම එනතුරු නොනවත්වා හැඳිගාන්න. ඔබට මේ පෙනෙන පදම ඩෝනට් හෝ ඉක්ලෙයා ෆිලින්ග් එකකට යොදාගන්න පුළුවන්. තවත් විනාඩි කිහිපයකින් තව ටිකක් මිශ්‍රණය ඝන වී ඇති බව ඔබට පේනවා. මෙහිදී අවශ්‍යනම් කජු සහා වියළි මිදි ස්වල්පයක් එකතු කරගන්න. මේ පදමේදී ඔබට මිශ්‍රණය ලිපෙන් බාගන්න පුළුවන් ඔබ ෆ්රුට් කස්ටඩ් සැදීමට බලාපොරොත්තු වන අවස්ථාවකදී. එහෙම නැත්නම් ෆ්රුට් සැලඩ් එහෙකට යොදාගන්න අවස්ථාවකදී දැන් ලිප නිවාගන්න. භාජනය ලිප උඩ තිබියදීම විනාඩියක් දෙකක් රස්නය චුට්ටක් අඩුවෙනතුරු හැඳිගාන්න එසැනින් මේ වගේ භාජනයකට දමාගන්න වීදුරු භාජනයක් නම් වඩා සුදුසුයි. ඉන්පසු රස්නය අඩුවී ටිකක් සෙට් වනතුරු පසෙකින් තබන්න. ලිපෙන් බා ගන්නා අවස්ථාව වනවිට මිශ්‍රණයේ පදම ටින්කිරි ද්‍රවණයට ටිකක් සමාන විය යුතුයි. කස්ටඩ් පුඩිම ඉක්මනින් ඝන වන පදම එයයි. විනාඩි කිහිපයකින් බොහෝදුරට ඝන වී අවසන්. ඉන්පසු ශීතකරණයේ අවම වශයෙන් පැයක් දෙකක් වත් තබන්න. මිශ්‍රණයෙන් කොටසක් මම ඉතුරු කරගෙන ක්ස්ටඩ් ජෙලෝ පුඩිං වීදුරු 4කුත් හැදුවා මගේ දුවලා දෙන්නා කැමති නිසා. පොඩි අය කැමතිම කෑමක්නේ. ප්‍රධාන අමුද්‍රව්‍ය 4 කින් කෑම වට්ටෝරු කිහිපයක්ම හදන්න පුළුවන්. කස්ටර්ඩ් පුඩිං, කස්ටඩ් ෆිලින්ග්, ෆ්රුට් කස්ටඩ්, ෆ්රුට් සැලඩ්, කස්ටඩ් ජෙලෝ පුඩිං වට්ටෝරු 05ක්. ඊටත් වඩා වැදගත්ම දේ තමයි. කස්ටඩ් පව්ඩර් කඩෙන් මිලදී නොගෙන නැවුම්ව ගෙදරදීම සියලු කස්ටඩ් පව්ඩර් අඩංගු අහාර වර්ග පිළියෙළ කරගැනීමට හැකිවීම. වස විස නැහැ. කල්තබා ගැනීමේ ද්‍රව්‍ය අඩංගු නැහැ. සෞඛ්‍ය හිතකරයි. නැවුම් රසක් නැවුම් සුවඳක් නියම පදමක්. ගෙදර හදපු නැවුම් කස්ටඩ් පුඩිං (Fresh Custard Pudding)

Please like & share:

Leave a Reply