ප්‍රතිශක්තිය වඩන උදේම හිස් බඩට තේ වෙනුවට බොන කහ තේ- IMMUNE TEA | Immune Boosting Herbal Turmeric Tea

අවශ්‍ය දෑ සිහින්ව කපාගත් අමු කහ 1 1/2′ – 2′

සිලෝන් කුරුඳු කැබලි කරගත් 1′ ක පමණ දඬු කැබැල්ලක්

වැනිලා බීන් 1/2′ – 1′ ක කැබැල්ලක් හෝ වැනිලා සාරය තේ හැඳි 1/2 – 1

උකු පොල් කිරි කෝප්ප 1/4 (අවශ්‍ය පමණ)

වතුර

විශේෂ

කහ කුඩු සහා කුරුඳු කුඩු වුවද මෙම තේ එක සඳහා භාවිතා කල හැක. එසේ භාවිතා කරන්නේ නම් කාබනික නිෂ්පාදන පමණක් භාවිතා කරන්න උත්සහ කරන්න. පොල්කිරි වල කැලරි සහා මේදය ගැන සැලකිලිමත් අයට ඒ වෙනුවට තමන්ගේ සිරුරට හිතකර එළකිරි පිටි කිරි හැර ඕනෑම කිරි වර්ගයක් භාවිතා කල හැකියි. හැකිතාක් ස්වභාවික නිෂ්පාදන පමණක් භාවිතා කරන්න. පොල්කිරි විටමින් සහා ඛණිජ ලවණ වලින් අනූන නිසා පොල් කිරි විශේෂයි. කහ පාවිච්චි කරනකොට ටිකක් පරිස්සම් වෙන්න හැමතැනම ගෑවුනොත් පැල්ලම් ඇති වෙන්න පුළුවන්. මම කටිං බෝඩ් එකේ පැල්ලම් ඇතිවීම වැලැක්වීමට මේ වගේ පේපර් ටවල් එකක් එලා ගත්තා. ඔයා නිතරම එලියට යන කෙනෙක් නම් ග්ලවුස් පාවිච්චි කරන්න. කුරුඳු Ceylon Cinnamon(ලංකාවේ කුරුඳු) විතරක් පාවිච්චි කරනවා නම් හොඳයි. Cassia Cinnamon පවිච්චි කරනවා නම් අඟලක් පමණ එක කැබැල්ලක් දමන්න. මොකද Cassia Cinnamon හරිම සැරයි. ගුණාත්මක බවත් Ceylon Cinnamon වලට වඩා අඩුයි. මේ තේ එකේ විශේෂ රසයක් නැහැ. රසය සුවඳ සඳහා තමයි වැනිලා විශේෂයෙන් මේ තේ එකට මම එකතු කරන හිතුවේ. නමුත් වැනිලා වල තියන ශරීරයේ විස නසන සිරුර සංසුන් කරන ගුණ නිසා මේ කහ තේ එක තවත් ගුණාත්මක භාවයෙන් වැඩි දියුණු වුනා. කහ කිරි වීඩියෝ එකට මට ගොඩක් අය ලියපු දෙයක් තමයි මී පැණි රස්නෙන් ගත්තොත් අහිතකරයි කියලා. මී පැණි රස්නෙන් එකතු කලාට අහිතකර වෙන්නේ නැහැ. ඒක වැරදියි. හැබැයි සෙල්සියස් අංශක 37ට වැඩි උෂ්ණත්වයකදී මී පැණිවල තියන පෝෂ්‍ය පදාර්ථ විනාශ වෙන්න පුළුවන්. ඒ නිසා මී පැණි වලින් අපිට ඒ ගුණය ලැබෙන්නේ නැහැ. කහ කිරි වීඩියෝ එකේ මම මී පැණි පාවිච්චි කරන්නේ සිනි වලට ආදේශකයක් විදියට. මී පැණි එකතු කරගන්න අවශ්‍ය කෙනෙක් කහ කිරි හෝ කහ තේ එක ටිකක් නිවෙන්නට ඇරලා මී පැණි දියකරගන්න පුළුවන්. පොල්කිරි කාටන් හෝ කෑන් වුනත් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම පාවිච්චි කරනවානම් පුළුවන් තරම් කාබනික නිෂ්පාදන යොදාගන්න. පොල් කිරි වෙනුවට ආමන්ඩ් කිරි(Almond Milk), කජු කිරි(Cashew Milk ), ඕට්ස් කිරි(Oats Milk) වගේ කිරි වර්ග වුනත් ගුණයි. නුතන සමාජයේ ගොඩක් අය කිරි සහිත අහාර වලින් තොර සංකල්පයකට කටයුතු කරනවා. හේතුව තමයි කිරි අහාර දිරවීම ටිකක් අපහසු කරවීම නිසා බඩවැල් වල සෞඛ්‍යට(Gut Health) කිරි හිතකර නොවේ කියන පිළිගැනීම. පැය 24ක් වුනත් ශීතකරණයේ නොදා මේ විදියට කහ කුරුඳු තේකට උරාගන්න තියාගන්න පුළුවන්. ඊට වැඩිය තියාගන්න අවශ්‍යනම් කහ කුරුඳු පෙරාගෙන අවශ්‍ය වෙලාවට ගන්න ශීතකරණයේ තියන්න. මේ තේ එක හැමදාම උදේට ඔබ බොන සාමාන්‍ය තේ එකට වැඩිය ඔබේ ශරීරයට ගුණවත් වේවි. සාමාන්‍ය Black Tea සහා Green Tea වලත් යම් ප්‍රමාණයක් Caffeine අන්තර්ගතයි. ශරීරයේ ප්‍රතිශක්තිකරණය පිළිබඳව අපි වඩාත් උනන්දු විය යුතු කාලයක හැමදාම උදේට ඔබ හිස් බඩට බොන තේ එකට වැඩිය මේ කහ තේ එක ඔබගේ නිරෝගී බවට උදව්වක් වේවි. කහ කියන්නේ වටිනා ඖෂදයක්. කුරුඳුත් ඒ හා සමානවම ගුණයි. උදෑසනම ඔබේ බඩවැල් වලට අනවශ්‍ය බලපෑමක් නොවී සැහැල්ලුවට සරලව ගුණාත්මකව හදපු මගේම අත්හදා බැලීමක් තමයි මේ තේ එක. දවසට දෙපාරකට වැඩිය බොන්නත් එපා. ගුණ දෙයක් උනත් අනවශ්‍ය විදියට පරිභෝජනය කලොත් අහිතකර වෙන්න පුළුවන්. හැමදාම කියනවා වගේ අපේ ශරීර එකිනෙකාට හරිම වෙනස්. ඉතිං පොදුවේ ගුණයි කියන දෙයක් උනත් තව කෙනෙකුගේ ඇඟට ඔරොත්තු නොදෙන්න පුළුවන්. හැමවිටම අලුත් දෙයක් ඔබගේ සිරුරට හඳුන්වාදීමේදී එය පළමුව හඳුන්වාදී දවසක් දෙකක් සිරුර දක්වන ප්‍රතිචාර නිරීක්ෂණය කරන්න. සියල්ල සාමාන්‍යයි නම් එමගින් ඔබට අහිතකර බලපෑමක් නැහැ. රෝග විෂබීජ වලට එරෙහිව බැක්ටීරියා වයිරස් වලට එරෙහිව අසාත්මිකතා වලට එරෙහිව ප්‍රදාහයට එරෙහිව සටන් කරන්න අවශ්‍යම මොහොතක ඔබේ ප්‍රතිශක්තිය වැඩි කරන්න අහාර දිරවීමට බඩවැල් වලට රුකුලක් වෙන්න ලේ වල සීනි පාලනය කරන්න රුධිර පීඩනය පාලනය කරන්න ඔබේ සිරුරට මේ කහ තේ එක දිව ඔසුවක්ම වේවි. Immune Boosting Turmeric tea.

Please like & share:

Leave a Reply