විල්ටන් බටර්ක්‍රීම් අයිසින් | Wilton Buttercream Icing

සුප්‍රසිද්ධ විල්ටන් බටර් ක්‍රීම් අයිසින්

අවශ්‍ය දෑ –

බටර් කෝප්ප 1/4

වෙජිටබල් ශෝට්නින්ග් 1/4

හලාගත් අයිසිං සීනි කෝප්ප 02

වැනිලා තේ හැඳි 1/2

ලුණු පිංචක්

කිරි තේ මේස හැඳි 01

බටර් කෝප්ප 1/4 වෙජිටබල් ෂෝට්නින්ග් 1/4 ගැඹුරු භාජනයකට දමා හෑන්ඩ් මික්සර් හෝ ස්ටෑන්ඩ් මික්සර් එකක් මගින් සුමුදු ක්‍රීම් එකක් බවට පත්වනතුරු ගසාගන්න. වැනිලා තේ හැඳි භාගය එකතු කර නැවත ගසාගන්න. භාජනය වටේ හුරා එකතු කරගෙන නැවත මිශ්‍ර කරගන්න. අයිසිං කෝප්ප 1/4 එකතු කර අඩු වේගයෙන් මිශ්‍ර කිරීම ආරම්භ කරන්න. වේගය වැඩි කර මිශ්‍ර කරන්න. භාජනය වටේ හුරා එකතු කරගෙන නැවත මිශ්‍ර කරගන්න. තව අයිසිං කෝප්ප 1/4ක් එකතු කර පෙර පරිදිම පියවරයන් අනුගමනය කරමින් මිශ්‍ර කරගන්න. අයිසිං කෝප්ප 02 වරකට කෝප්ප 1/4 බැගින් හෝ ඊට අඩුවෙන් එකතු කරමින් අදාල පියවරයන් අනුගමනය කරමින් හොඳින් මිශ්‍ර කරගන්න. මිශ්‍ර කිරීමේ පියවර අනුගමය කිරීම හරිම වැදගත්. බටර් ක්‍රීම් අයිසිං එක සුමුදුවට ක්‍රීම් එකක් වගේ ගන්න නම් අනිවාර්යෙන් පියවරෙන් පියවර මිශ්‍ර කිරීම් සිදුකල යුතුයි. අයිසිං සීනි එකතු කර අවසන් වූ පසු කිරි මේස හැන්ද මේස හැඳි 1/2 බැගින් එකතු කර මිශ්‍ර කරන්න. අයිසිං එක තද ගතියයි නම් තව කිරි මේස හැඳි 1/4ක් හෝ 1/2ක් එකතු කර කලවම් කරන්න. සාදා නිමකරගත් බටර් ක්‍රීම් අයිසිං එක මේ වගේ ක්‍රීම් එකක් වගේ විය යුතුයි. දැන් කැමති වර්ණයක් යොදා හොඳින් කලවම් කරගන්න. විල්ටන් බටර් ක්‍රීම් අයිසින් සුදානම්.

Please like & share:

Leave a Reply