ප්‍රතිෂක්තිජනක සෞඛ්‍ය හිතකර රසවත් හොට් චොකලට්/චොකලට් මූස් Healthy Immune Boost HOT CHOCOLATE/CHOCOLATE MOUSSE

හොට් චොකලට් බටහිර රටවල ඉතාම ප්‍රසිද්ධ රසවත් පානයක්. හිම වැටෙන සීත ඍතුවට ගැලපෙන රසම රස උණුසුම් තේ එකක්. බුද්ධ වර්ෂ 500ටත් එහා ඉතිහාසයක් තියන මෙහි ආරම්භය උතුරු ඇමරිකානු මහද්වීපයේ මෙසොඅමෙරිකා කලාපයේ. සරලව කියනවා නම් මෙක්සිකෝ, ග්වාටමලා, හොන්ඩුරාස් වගේ මධ්‍යම ඇමරිකානු රටවල් කිහිපයක තමයි මේ හොට් චොකලට් මුලින්ම භාවිතා කරලා තියෙන්නේ. අද වෙනකොට මුළු ලෝකය පුරාම ඇමරිකන්, මෙක්සිකන්, ඉටැලියන් හොට් චෝකලට් ප්‍රචලිතයි. හොට චොකලට් ඒ විදියට ඇරඹිලා අද වෙනකන් විකාශනය වෙමින් ආපු ගමනට අලුතින්ම වුන එකතුව තමයි මේ හෙල්ති හොට් චොකලට්. කවුරුත් කැමතියි නිරෝගිව ඉන්න. එහෙම ඉන්න නම් අපි ගන්න අහාර පිළිබඳව සැලකිලිමත් විය යුතුමයි. අලුත් අහාර සංස්කෘතියේ රැල්ලට හසු නොවිය යුතුයි. ජාන විකුර්ති කරන ලද අහාර, රසායන පොහොර යොදා නිපදවන ලද අහාර, කෘතීම අහාර, කෘතීම රස කාරක යෙදු අහාර මේ දේවල් අහරයට ගැනීමෙන් හැකිතාක් වැලකි සිටිය යුතුයි. මේ හෙල්ති සංකල්පය දියුණු රටවල දැන් ව්‍යාප්ත වෙමින් පවතිනවා. ලංකාව ටික ටික වැරදි අහාර සංස්කෘතියකට තමයි නැඹුරු වෙමින් පවතින්නේ. දැනට වසර 30කට විතර කලින් ලංකාව තුල තිබුන සෞඛ්‍ය හිතකර අහාර රටාව, අහාර ටිකෙන් ටික මගහැරෙමින් යන බවක් තමයි පෙන්නේ. තව දෙයක් හැකිතාක් කාබනික නිෂ්පාදන වලට යොමුවෙන්න උනන්දු වෙන්න. ගුණ දෙයක් උනත් රසායනික පොහොර යොදා කල නිෂ්පාදනයක් නම් ඒත් ශරීරයට අහිතකරයි. ඒ නිසා කාබනික නිෂ්පාදන වලට සහයෝගය දක්වන්න. නිවැරදි මග සොයා ඉතින් අපි නැවතත් ආපස්සට හැරෙමු. ඒ සඳහා පුංචි ආරම්භයක් තමයි මේ. අපි රසට කන බොන ගොඩක් කෑම බීම වලට සෞඛ්‍ය හිතකර විකල්පයනුත් තියනවා. අපි සාමාන්‍යයෙන් හදන හොට් චොකලට් වල කිරි, සීනි, කොන් පිටි, විපින් කරීම් වගේ දේවල් තියනවා. නමුත් මේ හදන හොට් චොකලට් එකේ ඒ මුකුත් නැහැ. ගුණාත්මකභාවය ගොඩක් ඉහලයි. ප්‍රතිෂක්තියට ලොකු අනුබලයක්. අවශ්‍ය වෙන්නේ, කජු, රට ඉඳි, කොකෝවා පව්ඩර් සහ වතුර විතරයි. චොකලට් මූස් සඳහාත් මේ අමුද්‍රව්‍යම තමයි. වතුර ප්‍රමණය අඩුයි. රසට කන බොන ගමන් නිරෝගීව ඉන්න ඔයාලත් පුරුදු වෙන්න. හොට් චොක්ලට්/චොක්ලට් මූස් (2 in 1)

අවශ්‍ය දෑ (Ingredients)

පොඟවනලද කජු කෝප්ප 1/2 (Soaked Cashews 1/2 Cup)

රට ඉඳි 10-15 (රස අනුව) (Dates 10-15)

කොකෝවා පව්ඩර් මේස හැඳි 2 (Cocoa Powder 2 Tbs)

වතුර කෝප්ප 1 (Water 1 Cup)

ලුණු පිංචක් (Pinch of Salt)

විශේෂ

චොකලට් මූස් තමන්ට අවශ්‍ය පරිදි ටිකක්උකුව/ඝනව සකසා ගැනීම සඳහා වතුර ප්‍රමාණය අඩු කරගත හැකියි. අමුද්‍රව්‍ය සඳහා හැකිතාක් කාබනික (Organic) නිෂ්පාදන භාවිතා කරන්න උත්සහ කරන්න කිරි නැහැ. ඒ වගේම සීනි නැහැ. සීනි වෙනුවට අපි යොදාගන්නේ රට ඉඳි. තව කෙනෙක් කියන්න පුළුවන් රට ඉඳි කියන්නෙත් සීනි කියලා. රට ඉඳි වල තියෙන්නේ ස්වභාවික සීනි. රට ඉඳි තන්තු වලින් සහ ප්‍රෝටීන් වලින් බහුල නිසා කාබෝහයිඩ්‍රේට් ශරීරයට හිමින්අවශෝෂණය කරගැනීම මගින් රුධිරයේ සීනි වැඩිවීම පාලනය කරනවා. ඒ වගේම රට ඉඳි පෝෂ්‍ය ගුණයෙන් බහුලයි. තව දෙයක් රට ඉඳි ප්‍රෝටීන් බහුල නිසා සහ රට ඉඳි වල වැඩි කැලරි ප්‍රමාණයක්තියන නිසා සීමාව ඉක්මවා ආහාරයට ගැනීමත් එතරම් සුදුසු නැහැ.මාෂ්මෙලෝ වෙනුවට මම සිහින්ව කපාගත් කජු හොට් චොක්ලට් එක උඩට එකතු කරනවා.ඕනෑම කජු වර්ගයක්(නට්ස්) පැණි රස කෑමකට එකතු කර ගැනීමෙන් බලාපොරොත්තු වෙන්නෙත් පෙර සඳහන් කල පරිදි රුධිරයේ සීනි පාලනය කිරීමට උපකාර වීමයි. නට්ස් වල ප්‍රෝටීන් ෆයිබර් බහුලයි. නට්ස් වල විශේෂත්වය තමයි ස්වභාවික සීනි ප්‍රතිශතය අඩුයි. ඒ නිසා ඕනෑම අතුරු පසකට ඒ විතරක් නෙවෙයි වැඩිපුර පලතුරු කන කෙනෙකුට වුනත් පලතුරු ආහාරයට ගන්න විට මොනම හෝ නට්ස් වර්ගයක් එකතු කරගන්නවා නම් සීනි ගැන වද වියයුතු නැහැ. එහෙම නැත්නම් ගාගත් පොල්හෝ පොල් කැබලි පොඩ්ඩක් රන්වන් පාට වෙනකන් බැදලා පළතුරු වගේ දෙයක් එක්ක ආහාරයට ගැනීම මගින් රුධිරයේ සීනි පාලනය පහසු වෙනවා. ඒ වගේම රසත්වැඩිකරගන්න පුළුවන්. පිරිසිදු පොල් තෙල් චුට්ටක්වුනත් කමක් නැහැ. රට ඉඳි, කජු වර්ග, පොල් මේ ඔක්කොම පෝෂ්‍ය ගුණයෙන් අනුන වගේම කැලරි බහුලයි. ඒ නිසා හැමදාම කියනවා වගේ ඕනෑම දෙයක් ඕනවටවැඩිය ගන්න එකත් ශරීරයට හිතකර නැහැ. ඒ නිසා තමන්ගේ ශරීර සෞඛ්‍යට ගැලපෙන විදියට පාලනයක්සීමාවක් ඇතුව තමයි මේ දේවල් ආහාරයට එකතු කරගන්න ඕන. මේ දවස් වල යුටියුබ් එකේ අපට නානාප්‍රකාර අතුරුපස වර්ග දැකගතහැකියි. නමුත් අපි ප්‍රවේසම් විය යුතු,නිරෝගිව සිටිය යුතු අවස්ථාවක අපි ගන්න අතුරු පසක් වුනත් සෞඛ්‍ය හිතකර සහ ප්‍රතිශක්තිය වඩන සිරුර ශක්තිමත් සහ නිරෝගී කරවන විදියේ රසවත් අතුරුපසක් නම් වඩා හොඳයි නේද? රසට කන ගමන් නිරෝගීව ඉන්න කැමති අයටයි මේ.එකම වට්ටෝරුවක් රස බීමක්සහ අතුරුපසක්. ශක්තිය වඩවන ශක්තිමත් නිරෝගී සිරුරකට සෞඛ්‍ය හිතකර රසවත් හොට් චොක්ලට්/චොක්ලට් මූස් ඉතා ඉක්මනින් පහසුවෙන්

Special – If you want to have a thick consistency for Chocolate Mousse add less water into the blender. Highly recommend Organic products. Add Cashews 1/2 cup (Soaked at least an hour or two) Add Dates 10-15 Add 2 Tbs of Cocoa powder Pinch of salt 1 cup of Water then Blend. Boil Water while you are blending.after blending, it should look like A smooth paste. Add good amount of paste to a cup.Add hot water and mix until you get the right consistency. If it’s thick add more water, if it’s too watery add more paste.Sprinkle some chopped cashews on the hot chocolate instead of marshmallows.Healthy, Immune Boost Easy and Tasty Hot Chocolate Here comes the Chocolate Mousse.Same Ingredients and just to adjust the amount of water to get the thick consistency.Just for the health conscious people who love Food. Eat clean! Stay Healthy! Sugar Free, Dairy Free, Vegan

Please like & share:

Leave a Reply