දොදොල්/තොතල් පහසුවෙන් සරළව | Easy Dodol/Thothal recipe

දොදොල් කියන්නේ ලංකාවේ අවුරුදු කාලෙට නැතුවම බැරි රස කැවිල්ලක්. ඒ නැතත් කතරගම ට්‍රිප් එකක් ගියහම අනිවාර්යයෙන් අපි දොදොල් මස්කට් මිලදී ගන්නවා. එහමත් නැත්නම් ගමට ගියාම ගමේ හැමෝම එකතුවෙලා විනෝදයෙන් රෑ එළිවෙනකන් පතගාලා කොළඹ එන නෑයන්ට දොදොල් පිළියෙළ කරලා දෙනවා. එහෙම රස විඳපු දොදොල් පිටරටකට ආවට පස්සේ කොහොමද රස විඳින්නේ. එක ටිකක් අමාරු දෙයක්. එහෙම ලංකාවේ දොදොල් රසට තවමත් ආදරය කරන අයට පහසුවෙන් කළු දොදොල් හදන රෙසිපිය මගේ food-with-love වෙබ් අඩවිය හරහා 2014 එලි දක්වලා තියනවා. මේ වීඩියෝ එකේ තියෙන්නේ තවත් ක්‍රමයක්. ඒ කියන්නේ කළු දොදොල් පදමම නැතුව ඊට වඩා ටිකක් මෙලෙක් ස්වභාවයට හදපු එකක්. දොදොල් වලට දෙමලෙන් තමයි තොතල් කියන්නේ.

අවශ්‍ය දෑ

පොල් කිරි (Coconut Milk) කෑන් 02

පොල් කිරම / යොදය (Coconut Cream) කෑන් 02

පොල් පැණි බෝතල් (Coconut Treacle) 3/4 (570ml පමණ)

දුඹුරු සීනි කෝප්ප (Brown Sugar) 1/2

හාල් පිටි කෝප්ප (Rice Flour) 1 1/2

කජු (Cashews) 80g

කරදමුංගු කුඩු (Cardomom Powder) මේස හැඳි 01 (කරල් 15-20ක් පමණ)

පොල් තෙල් (Coconut Oil) මේස හැඳි 01

අවශ්‍ය මෙවලම්

මිට දිග හැන්දක්

නොන්ස්ටික් භාජනයක්

කැමති හැඩයක ගැඹුරක තැටියක්

විශේෂ

පොල් කිරම (Coconut Cream) වෙනුවට පොල් කිරි කෑන් 1ක් යොදාගත හැකියි. එසේ යොදාගන්නේ නම් තවත් පොල් තෙල් මේස හැන්දක් එකතු කරගන්න. පොල් කිරම (Coconut Cream) පමණක් යොදාගන්නේ නම් පොල් තෙල් අවශ්‍ය නැත.

Please like & share:

Leave a Reply