ප්‍රින්ටඩ් චොක්ලට් ස්විස් රෝල් කේක්/PRINTED CHOCOLATE SWISS ROLL

විවාහ සංවත්සරය සැමරීමට උපන්දිනය සාදයට වගේ ඕනෑම විශේෂ අවස්ථාවකට තමන් කැමති හැඩයන් අකුරු යොදා චොකලට්, වැනිලා රසයන්ගෙන්පැහැයන්ගෙන් ඔබටම අවශ්‍ය පරිදි රසවත්ව මෙය සකස් කරගත හැකියි.

අවශ්‍ය දෑ

මෝස්‌තරය සඳහා –

බිත්තර 1

සිනි මේස හැඳි 02

බටර් මේස හැඳි 01

පිටි 50g

වර්ණක

කේක් සඳහා –

සීනි 100g

බිත්තර 04

වැනිලා තේ හැඳි 01

එළවලු තෙල්/ඔලිව් තෙල් මේස හැඳි 02

පිටි 50g

කොකෝවා පව්ඩර් 40g

බේකින් පව්ඩර් තේ හැඳි 1

ලුණු තේ හැඳි 1/2

විශේෂ -බටර් ආලේප කරගත් අඟලක් අඟල් 1 1/2 ක් පමණ උසැති බේකින් ට්‍රේ එකකට කැමති හැඩ සහිත අන්තර්ජාලයෙන් ලබාගත් මුද්‍රිත කඩදාසිය අතුරා ඒ මතින් විනිවිද පෙනෙන පාච්මන්ට් කඩදාසියක් අතුරා ගන්න.

මික්සින් බෝල් එකකට බිත්තරය කඩා දමන්න.එයටම සීනි මේස හැඳි 02 එකතු කර විස්ක් එකක් ආධාරයෙන් හොඳින් මිශ්‍ර කරගන්න.සීනි දියවනතුරු හොඳින් මිශ්‍ර කරගන්න. බටර් මේස හැඳි 01 හොඳින් දියකරගෙන බිත්තර මිශ්‍රණයට එකතු කර එයද හොඳින් මිශ්‍ර කරගන්න. පිටි 50g ටික ටික බිත්තර බටර් මිශ්‍රණයට එකතු කරමින් හොඳින් මිශ්‍ර කරන්න. බලාපොරොත්තුවන පැහැයෙන් වර්ණක බින්දු කිහිපයක් එකතු කර මිශ්‍රණය වර්ණගන්වාගන්න. පයිපින්ග් බෑග් එහෙකට මිශ්‍රණය වක්කරගන්න. පෙර සකස් කරගත් බේකින් ට්‍රේ එකේ මුද්‍රිත කඩදාසියේ අදාල හැඩය මත මේ විදියට අඳිමින් හැඩගන්වාගන්න මිශ්‍රණය ටිකක් දියාරු නිසා වත්කරගැනීම ටිකක් අපහසු විය හැකියි. හැමතැනම බේරීමට ඉඩ නොදී කල්පනාවෙන් පරිස්සමෙන් හැඩය වක්කරගන්න. සකස් කරගත් හැඩය සවි කර ගැනීම සඳහා කේක් මිශ්‍රණය සාදාගන්නා තුරු බේකින් ට්‍රේ එක අධි ශීතකරණය තුල අවම වශයෙන් පැය භාගයක්වත් තබාගන්න.

දැන් චොකලට් ස්විස් රෝල් කේක් එක හදමු

බිත්තර 04හි කහමද සුදුමද වෙන් වෙන්ව හෑන්ඩ් මික්සර් මගින් කලවම් කරගත හැකිවන පරිදි වෙන වෙනම භාජන දෙකකට දමාගන්න. ප්‍රථමයෙන්ම කහමද හෑන්ඩ් මික්සර් එකක් මගින් හොඳින් ගසාගන්න. දැන් ලුණු තේ හැඳි 1/2 එකතු කර නැවත හොඳින් කලවම් කරගන්න. සීනි 100g න් සීනි මේස හැඳි 3-4 පමණ ටිකින් ටික එකතු කරමින් හොඳින් මිශ්‍ර කරන්න. ඉතිරි සීනි සුදුමද ගසාගැනීම පසෙකින් තබාගන්න. වැනිලා තේ හැන්ද එකතු කරමින් නැවතත් හොඳින් මිශ්‍ර කරගන්න. කැනොලා තෙල්,එළවලු තෙල් හෝ ඔලිව් තෙල් මේස හැඳි 02 එක්කර කලවම් කරගන්න. මම මෙහිදී යොදාගත්තේ ඔලිව් තෙල්. කේක් සාදා ගැනීමේදී යොදාගනු ලබන හොඳම තෙල් වර්ග තමයි කැනොලා තෙල්,එළවලු තෙල් සහා ඔලිව් තෙල්සියලු අමුද්‍රව්‍ය හොඳින් මේ ආකාරයේ පේස්ට් එකක් බවට පත්වනතුරු මිශ්‍ර කරගන්න.වටේ ගැවී ඇති මිශ්‍රණය එකතු කරමින් නැවත කලවම් කරන්න. පිටි කොකෝවා පව්ඩර් බේකින් පව්ඩර් එකට කලවම් වන පරිදි මේ ආකාරයට පෙනේරයකින් මිශ්‍රණය මතට හලාගන්න. අවශ්‍යනම් හොඳින් අමුද්‍රව්‍ය තුන කවලම් වන පරිදි වෙනම භාජනයකට හලාගෙන සුදානම් කර තබාගෙන මේ අවස්ථාවේදී එකතු කර ගත හැකියි. හෑන්ඩ් මික්සර් එක ආධාරයෙන් නැවත පිටි හොඳින් මිශ්‍ර කරගන්න. මිශ්‍රණය ටිකක් තද බවක් දැනෙයි. එත් ඒ ගැන බයවෙන්න එපා. ඔයාට වැරදිලා නැහැ.වටේ ගෑවී ඇති මිශ්‍රණය ස්පැටියුලා එකක් ආධාරයෙන් එකතු කරමින් නැවත මිශ්‍ර කරගන්න. වෙනම ගැඹුරු භාජනයක බිත්තර සුදුමද හෑන්ඩ් මික්සර් හෝ ස්ටෑන්ඩ් මික්සර් එකක් ආධාරයෙන් ගසාගන්න. සුදුමද මේ තරමට ගසාගත් පසු ඉතිරි කරගත් සීනි, ටිකින් ටික එකතු කරමින් මෙරින්ග් සාදාගන්න. ආකාරයටම බීට් කරගන්න. සීනි දමා කලවම් වූ පසු උපරිම වේගයෙන් සොෆ්ට් පීක් එකක් ආකාරයට පෙන දමන තෙක් බීට් කරගන්න. කහමද මිශ්‍රණය ටිකක් තද නිසා ඉස්සෙල්ලාම සුදුමද පෙන ටිකක් කහමද භාජනයට දමා ස්පැටියුලා එකක් ආධාරයෙන් හොඳින් කලවම් කරගෙන ඉන්පසු හෑන්ඩ් මික්සර් එක ආධාරයෙන් හොඳින් මිශ්‍ර කරගන්න. ඉන්පසු සියලුම සුදුමද පෙණ මේ ආකාරයට ටිකින් ටික දමමින් හොඳින් කලවම් කරගන්න. කහමද සුදුමද වෙන් නොකර සම්පුර්ණ බිත්තරය සමග සියලු අමුද්‍රව්‍ය එකට මිශ්‍ර කරමින්ද ඔබට මෙම කේක් එක සාදාගත හැක. නමුත් කේක් රෝල් එක නොකැඩි පහසුවෙන් රෝල් කරගැනීමට නම් මේ විදියට සුදුමද වෙන්කර සකසා ගත යුතුමයි. කේක් මිශ්‍රණය සුදානම්.

අවන් එක 350F (180C) ප්‍රී හීට් කරගන්න.

බේකින් ට්‍රේ එක ශිතකරණයෙන් ගන්න. එහි සියලුම හැඩ ආවරණය වන පරිදි එක සමානව කේක් මිශ්‍රණය සෙමින් වත්කරන්න. කේක් මිශ්‍රණය වක්කර ගැනීමෙන් පසු ට්‍රේ එක හොඳින් මේසය මත කිහිප විටක් තට්ටු කරමින් වායු බුබුළු කඩාගන්න. (අවම වශයෙන් විනාඩි 5 ක්වත්). මේ පියවර හරිම වැදගත් 350F (180C) ට විනාඩි 12ක් බේක් කරගන්න.

බේක් වී ඇති කේක් එක මතට අයිසිං සීනි මේ වගේ හලාගන්න. (කේක් එක පාච්මන්ට් පේපර් එකේ ඇලීම වැලැක්වීම සඳහා) මේ වගේ කුලිං ග්‍රිඩ් එකක් හෝ පැතලි ට්‍රේ එකක් මත පාර්ච්මන්ට් පේපර් එකක් එලලා මේ ආකාරයට කුලිං ග්‍රිඩ් එක මතට කේක් එක අරගන්න. කේක් එක යටට එලූ පාර්ච්මන්ට් පේපර් එක හෙමින් පරිස්සමින් මේ ආකාරයට ඉවත් කරන්න. එම පාර්ච්මන්ට් පේපර් එකම නැවත කේක් එක මතින් තබා හැඩ සහිත පැත්ත යටට හිටින සේ හරවා තවත් පාර්ච්මන්ට් පේපර් එකක් සහිතව යන්තමින් තෙත කිචන් ටවල් එකක් මත තබාගන්න. පැති හතරේ අයින් කපා ඉවත් කරන්න. තෙත සහිත තුවාය ආධාර කරගෙන පාර්ච්මන්ට් පේපර් එකත් සමගම කේක් එක මෙහි දැක්වෙන ආකාරයට රෝල් කරගන්න. ඉන්පසු තෙත් සහිත තුවයෙන් නැවත ඔතා ශීතකරණයේ විනාඩි 15-30ත් අතර කාලයක් නිවෙන්නට හරින්න. විනාඩි 30කට පසු කේක් එක ශිතකරණයෙන් ගෙන මේ ආකාරයට දිග හරින්න. බටර් කරීම් අයිසිං එක මේ විදියට අතුරා ගන්න. මේ චොකලට් රෝල් එක තවත් රසවත් කරගන්න දෙකට කපාගත් චොකලට් බෝල මේ විදියට මම එකතු කරගන්නවා . ඔබට කැමති නම් මේ සඳහා ස්ට්‍රෝබෙරි රාස්බෙරි අඹ අන්නාසි වගේ පලතුරු වර්ග එකතු කරගත හැකියි. දැන් මේ ආකාරයට පාර්ච්මන්ට් පේපර් එකින් තල්ලු කරමින් පරිස්සමින් හෙමින් රෝල් කරගන්න. අතිරේක අයිසිං ඉවත් කරගන්න. දැන් නැවතත් එම පර්ච්මන්ට් පේපර් එකේම කේක් එක ඔතා තෙත සහිත තුවායෙනුත් ඔතා අවම වශයෙන් තවත් පැය දෙකක්වත් ශීතකරණයේ තබන්න. රැයක් එළිවෙනතුරු ශීතකරණයේ තබා ගන්නේ නම් ප්‍රතිපලය වඩා රසවත් විය හැක.

මේ රැයක් එළිවනතුරු ශීතකරණයේ තැබූ මගේ ප්‍රින්ටඩ් චොකලට් ස්විස් රෝල් කේක් එක. පිරිසිදු ලෑල්ලක් මතට අයිසිං සීනි ඉසින්න චොකලට් රෝල් එක ලෑල්ල මතට ගන්නදෙපසෙහි අයින් කපා ඉවත් කරන්න ඉන්පසු ඔබට අවශ්‍ය පරිදි කෑලි කපාගත හැකියි

විවාහ සංවත්සරය සැමරීමට උපන්දිනය සාදයට වගේ ඕනෑම විශේෂ අවස්ථාවකට තමන් කැමති හැඩයන් අකුරු යොදා චොකලට්, වැනිලා රසයන්ගෙන්පැහැයන්ගෙන් ඔබටම අවශ්‍ය පරිදි රසවත්ව මෙය සකස් කරගත හැකියි.

Please like & share:

Leave a Reply