ඇඟ නිවන ලෙඩ නසන රුව වඩන ආයුර්වේදීය කහ කිරි/රන් කිරි|Turmeric Milk/Golden Milk

කහ කිරි/රන් කිරි ගුණයෙන් අනුන ආයුර්වේදීය ඖශදිය පානයක්. මෙය ඉන්දියානුවන් අතර ඉතා ප්‍රචලිතයි. හින්දි චිත්‍රපට නරඹා ඇති අයට නම් “හල්දී කී දූද්” යන්න මතකයේ ඇති. කහ (ටර්මරික්) ස්වභාවික විෂබීජ නාශකයක්. ඒ වගේම වේදනා නාශකයක්. මේ කහ කිරි නැත්නම් රන් කිරි දිනපතා පානය කිරීමෙන් ඔබට බොහෝ ප්‍රතිලාභ ලබා ගත හැකියි. ප්‍රධානතම ප්‍රතිලාභය නම් එය ඔබේ ප්‍රතිශක්තිකරණය වැඩිදියුණු කිරීමයි. කොරෝනා වසංගත තත්වයක් මුළු ලෝකයටම බල පැවැත්වෙන වර්තමානයක ඔබට කහ කිරි ජිවකයෙක්. ඒ වගේම අධි රුධිර පීඩනය, කොලෙස්ටරෝල් පාලනය, අහාර ජීරණය පහසු කිරීම, මතක ශක්තිය වර්ධනය, අක්මාව පිරිසිදු කිරීම, සන්ධි ඉදිමුම් වේදනා අවම කිරීම, මානසික ආතතිය දුරු කිරීම වගේම තවත් බොහෝ ප්‍රතිලාභ ලැබිය හැකියි. ඒ අතරිනුත් කාන්තාවන්ට වඩා වැදගත් ආකර්ෂණිය ප්‍රතිලාභය විය හැක්කේ සම පැහැපත් කිරීමයි. ජනප්‍රිය ඉන්දීය නිලයන්ගේ රූ රහසක් ලෙසටද මෙම කහ කිරි ප්‍රචලිතයි.

Please like & share:

Leave a Reply