How to make Tuna pasta salad

ටූනා පාස්ටා සලාදය

Tuna pasta salad is a famous classic dish in USA. It has over 100 years of history. It is healthy, fast and easy to cook and delicious dish. Even kids love this tuna pasta salad. You can cook it for your lunch, Dinner, picnics and of course for the Potlucks.
If you are health conscious, still you want the taste the way it is you can use alternative healthy ingredients according to. In this video I have used red rice pasta instead of normal wheat pasta. Which is gluten free. Most people have gluten issues and do not have a clue of it. Food made out rice are gluten free. Among all kinds of rice, red rice has higher amount of nutritions than white rice.
Tuna has high quality amount of protein with no fat. Mustard , pepper, garlic, cilantro, pearl onions, vegetables are not just for your taste, those ingredients improves your health. instead of mayonnaise you can use yogurt, curd, greek yogurt or sour cream to your taste and concern.
This salad is mostly made out of raw ingredients in classic way. My next tuna pasta salad video is going to satisfy our Sri Lankan taste buds.

ටූනා පාස්ටා සලාදය දිගු ඉතිහාසයක් ඇති ඇමෙරිකාවේ ප්‍රචලිත ආහාරයක්. ක්ෂණිකව සකසා ගත හැකි මෙය දිවා රාත්‍රී ආහාරයක් වගේම කෙටි ආහාරයක් විදිහටත් සකස් කර ගන්න පුළුවන්. කුඩා දරුවනුත් මේ සදහා රුචිකත්වයක් දක්වනවා.
පෝෂ්‍යදායි බව ආරක්ෂා කර ගැනීමට පාස්ටා හැර යොදා ගැනෙන සියලුම අනෙකුත් එළවලු ඇතුලු අමුද්‍රව්‍ය නොපිසන ලද ඒවායි. මෙම ආහාරය සෞඛ්‍ය හිතකර බව තවදුරටත් ආරක්ෂා කර ගැනීම සදහා මෙහිදී මම රතු සහල් පාස්ටා පිස ගත්තා. තිරිගු වලින් සකස් කර ගන්න ගොඩක් අහාර වල විශේෂයෙන්ම පාන් පිටි වල ග්ලුටන් අඩංගුයි. සමහර අයගේ ශරීර වලට ග්ලුටන් අහිතකරයි. ඒ බව දැනුවත් වගේම නොදැනුවත්ව පිටි සහිත අහාර අනුබවයෙන් ග්ලුටන් නිසා පීඩා විදින අයත් ඉන්නවා. සියලුම සහල් වර්ග ග්ලුටන් විරහිතයි. ඒ අතරත් රතු සහල් වලට වැඩි අවදානයක් යොමු කල යුත්තේ රතු සහල් පෝෂ්‍ය ගුණයෙන් අනුන නිසයි. ඒ වගේම අහාර පිළියෙළ කර ගැනීමේදී එකතු කරන සියලුම කුලුබඩු ආහාරයට රසක් එක කරනවා වගේම, ආහාරය සිරුරට හිතකරව සකස් කර ගන්නට උදව් වෙන ඖෂ්‍යදීය ගුණයන්ගෙන්ද යුක්තයි.
මේ විඩියෝවෙන් පෙන්වන්නේ සාම්ප්‍රදායික ක්‍රමයට පිළියෙළ කර ගනු ලබන ටුනා පාස්ටා සලාදයයි. නමුත් ශ්‍රී ලාංකීය අපේ රස පදම ටිකක් වෙනස්. අපි කැමතියි ටිකක් සැරට තෙම්පරාදු රසට. ඉතිං මම හිතුවා පුලුවන් තරම් සෞඛ්‍ය හිතකර විදිහට අපේ රසටත් මේ ටුනා පාස්ටා සලාදය හදලා රස බලන්න. ඒ වීඩියෝවත් බලන්න අමතක කරන්න එපා.

How to boil Pasta

පාස්ටා නිවැරදිව තම්බා ගන්නා ආකාරය

Please like & share:

Leave a Reply