ඕනෑම අවස්ථාවකට කජු කිරි ටොෆි | MILK TOFFEE | MILK FUDGE

කජු කිරි ටොෆි/කිරි ටොෆි/Cashew Milk Toffee/Milk Toffee/Milk Fudge/Caramel Fudge Sri Lankan Cashew Milk Toffee කජු කිරි ටොෆි ගොඩක් අයට හරිම පහසුවෙන් හදාගන්න පුලුවන් වුනත් තවත් පිරිසක් ඉන්නවා අවසානයේ හරිම පදම අරගන්න තියන අපහසුතාවය නිසා තමන්ට රස කැවිලි හදන්න බැහැ කියලා හිතන අය. ඒ අයට උදව්වක් වෙන්න මම පුළුවන් තරම් කිරි ටොෆි මිශ්‍රණය උණුවන ආකාරය පියවරෙන් පියවර පෙන්වන්න උත්සහ කලා. යූ ට්යුබ් අවකාශයේ මේ වගේ ගොඩක් වීඩියෝ තියනවා ඒ නිසා හොඳයි කියලා හිතෙන වීඩියෝ කිහිපයක්ම තෝරාගෙන ඒ හැම එකකම තමන්ට අපැහැදිලි තැන් හොඳින් අධ්‍යනය කරන්න. හැම වට්ටෝරුවකම තියෙන්නේ පොඩි පොඩි වෙනස්කම් ටිකක් විතරයි. සීනි තවත් අඩුවෙන් උනත් පාවිච්චි කරන්න පුලුවන්. එහෙම කලාට අවසන් නිෂ්පාදනයට බලපෑමක් වෙන්නේ නැහැ. මේ වට්ටෝරුවට ගොඩක් අය පාවිච්චි කරලා තිබුනා 800g විතර. ඒත් මම පාවිච්චි කලේ 500g යි. තව 100g ක් අඩුවුනත් ගැටළුවක් නැහැ. මමත් දැනට අවුරුදු 12කට වගේ පෙර ඉඳන් මේ වගේ අන්තර්ජාලය හරහා කරපු අධ්‍යනයන් මගින් එකතු කරගත් දැනුමෙන් රස කැවිලි වර්ග හදන කෙනෙක්. ඒ අරුණු කොට තිබුනේ මාතර මගේ තාත්තගේ මහගෙදර රස කැවිලි හැදුණු හැටි මතකය විතරයි. හැබැයි ඒ මතකයත් රස කෑමවල පදම් සම්බන්දව ගොඩක් උදව් වෙලා තියනවා. කටේ දියවන පදම හරිම texture එක කියන්නේ ඩො එකක් තරමට ඝන වෙනතුරු නොඉඳ වීඩියෝ එකේ පෙන්වා ඇති ආකාරයට වැක්කෙරෙන පදමින් ලිපෙන් ඉවත් කරගැනීම. කෙනෙක් කැමති වෙන්න පුලුවන් ටිකක් හයියට කැඩිලා එන texture එකට ඒ අයට පුලුවන් තව ටිකක් ඝන වෙනතුරු මිශ්‍රණය උණුකර ගන්න. ගමේ නම් ඉස්සර කිරි ටොෆි හැදුනේ ගෙදරම පිරිසිදු නැවුම් එළකිරි වලින්. වෙනස ටිකක් වැඩි වෙලාවක් කිරි උණුකිරීමට වීම සහා නැවුම් රස සහ සුවඳ තමයි.

මගේ පළමු කිරි ටොෆි වට්ටෝරුව සඳහා මේ ලින්ක් එක ක්ලික් කරන්න To see my first recipe of Milk Toffee, click the link below

https://food-with-love.com/milk-toffee-කිරි-අලුවා/ link to the website, https://food-with-love.com

How to make Kiri Toffee/Milk Toffee/Milk Fudge/Caramel Fudge

Ingredients

2 Can condensed milk (395g)

500g Finely ground sugar

3g-4g Cardamom powdered (Seeds only)

1/2 Cup chopped cashew

2 TBS chopped raisins

1/2 Cup water

2 Tbs of butter

Milk Toffee / Kiri Toffee Recipe for Sinhala Awurudu. Rasa Kavili.

Please like & share:

Leave a Reply