ගුණවත් රසවත් ඖෂධීය ඉඟුරු කොත්තමල්ලි/ Ginger Corriander Drink

පහසුවෙන් ඉක්මනින් සකස් කරගත් ගුණවත් රසවත් ඖෂධීය ඉඟුරු කොත්තමල්ලි

ඉඟුරු කොත්තමල්ලි කියන්නේ ලංකාවේ අපි හැමෝම හොඳින්ම දන්න ගුණදායි ඖෂධීය පානයක්. ඉඟුරු කොත්තමල්ලි ශරීරයේ ප්‍රතිශක්තිකරණය වැඩි දියුණු කරන අතරම ශරීරය රෝගී කරන බැක්ටීරියා වයිරස් සමග සටන් කිරීමේ හැකියාවෙන්ද යුක්තයි. දිනපතා ඉඟුරු කොත්තමල්ලි කෝප්පයක් පානය කිරීම තුලින් ඔබට ලැබෙන සෞඛ්‍යමය ප්‍රතිලාභ බොහොමයි. උණ හෙම්බිරිස්සාව කැස්ස හිසරදය බඩේ අජීරණ සන්ධි ඉදිමීම මේ කොයිකටත් ඉඟුරු කොත්තමල්ලි ගුණ මිස අගුණ නොවනු ඇති. ඉඟුරු ශරීරයේ කැලරි දහනයට දෙන අනුබලය නිසා මෙමගින් ශරීරයේ බර අඩු කර ගැනීමටත් උදව්වක් වෙනු ඇති.

Please like & share:

Leave a Reply